Friday, April 17, 2015

මොර සූරන මහ වරුසාවේ (mora surana maha warusawe lyrics)

මොර සූරන මහ වරුසාවේ
එක දවසක ඇය හා ආවේ
සඳ රාණියේ නුඹ නාඬන්
ඇය නෑ දැන් මේ ගම්මානේ

තරු පායන මල් පෙති පවනේ
ගඟ ඇයි මේ ඈතට ඇදුනේ
හඳ පාන වැදී උණ පඳුරේ
අපේ ආදර ලෝකය මැවුනේ
කෝ එදා පැලන්දුව මුදුවේ
රන් කාන්තිය නෑ අද ලඳුනේ
සඳ රාණියේ නුඹ නාඬන්
ඇය නෑ දැන් මේ ගම්මානේ

මොර සූරන මහ වරුසාවේ........


සුදු මල් පෙති පරදන මුහුණේ
මුදු කඳුළැලි කවුරුද මැවුවේ
එන පෝයට පන්සල පාළුයි
මම කවුරු දකින්නද එන්නේ
කෝ එදා පැලන්දුව මුදුවේ
රන් කාන්තිය නෑ අද ලඳුනේ
සඳ රාණියේ නුඹ නාඬන්
ඇය නෑ දැන් මේ ගම්මානේ

මොර සූරන මහ වරුසාවේ........

 Alhaj Mohideen Beg



mora surana maha warusawe - you tube


mora surana maha warusawe